2015. 02. 16 දින පිළියන්දල, බෝකුන්දර කොමර්ෂල් බැංකුව හා 2015.03.3 දින ගල්කිස්ස අත්තිඩිය කොමර්ෂල් බැංකුව කොල්ලකෑම යන සිද්ධි සඳහා අවශ්‍යව සිට සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ (28දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයාගෙන ඇත.
ඔහු වයස අවුරුදු 43ක් වන ඉඩම්ගොඩ, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අත්තිඩිය කොමර්ෂල් බැංකුව කොල්ලකෑෙමී සිද්ධියේදී යතුරු පැදිය පැදවීම හා කොල්ලකෑමට බැංකුව තුලට ආයුධ සන්නද්ධව ඇතුළු වූ පුද්ගලයා බව පොලීසිය විසින් අණාවරණය කරගෙන තිබේ.