බස්නාහිර වගා නොකළ කුඹුරු ඉඩම් හෙක්ටයාර් 22000ක්
බස්නාහිර පළාත තුළ වගා නොකළ පුරන් වූ කුඹුරු බිම් හෙක්ටයාර විසිදෙදාහක්( 22,295.46) තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. බස්නාහිර පළාත තුළ වගා කළ කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර පහළොස්දහසක් (15237.43) බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එම පළාතේ වගා නොකළ පුරන් වූ කුඹුරු ඉඩම්වලින් වී මෙට්‍රික් ටොන් හැත්තෑ තුන්දහසක් (73022.54) රටට අහිමි වී තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 13823.84ක්, කළුතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 6968.07ක්, කොළඹ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1503.55ක් වශයෙන් වගා නොකළ කුඹුරු ඉඩම් තිබෙන බවත්, ගම්පහ දිස්ත්‍රික්කයේ මෙට්‍රික් ටොන් 45276.12ක්, කළුතර දිස්ත්‍රික්කයේ මෙට්‍රික් ටොන් 22821.96ක්, කොළඹ දිස්ත්‍රික්කයේ මෙට්‍රික් ටොන් 4924.45ක් වශයෙන් වී නිෂ්පාදනය රටට අහිමිව තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
කුඹුරු ඉඩම් වෙනත් ආර්ථික කටයුත්තකට යෙදවීම කෘෂි හා පරිසර හිතකාමී ආකාරයට සිදුකළ යුතු බැවින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සුදුසු පරිදි සාකච්ඡා කර කාලීන චක්‍රලේඛ නිකුත් කිරීමට කටයුතු සිදුකරමින් පවතින බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

