බස්නාහිර පළාතේ රාජ්‍ය ආයතන 58ක් ඩෙංගු පරීක්ෂාවට
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දින 03ක් දීපව්‍යාප්තව සිදු කිරීමට නියමිත පාසල් සහ රාජ්‍ය ආයතන පිරිසුදු කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව ඊයේ (27දා) බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ආරම්භ විය. එහිදී පරිශ්‍ර පරීක්ෂා කිරිම සඳහා කණ්ඩායම් 1200 ක් පත්කර තිබිණි.
ඊයේ (27දා) දිනය තුළ බස්නාහිර පළාතේ පරිශ්‍ර 35,720 ක් පරීක්ෂාවට ලක්කර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 481ක් සොයාගන්නා ලදී. එහිදී පරිශ්‍ර 4,827ක් නිවැරදි කිරීමටත්, 1058කට නොතීසි සහ 330කට නඩු පැවරීමටත් කටයුතු කරන ලදී.
තවද රාජ්‍ය ආයතන 58ක් ඊයේ දිනය තුළ පරීක්ෂාවට ලක්ව ඇති අතර, ඉන් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 07ක් සොයාගැනීමටද හැකිව ඇත. ආයතන 15කට නිවේදන නිකුත් කරන ලද අතර, පෞද්ගලික ආයතන 08 ක සහ කර්මාන්ත ශාලා පරිශ්‍ර 08කද ඩෙංගු මදුරු කීටයන් හමුව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

