ගෙවීගිය මාසයක කාලයක් තුළ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂක කණ්ඩායම් සිදුකළ මෙහෙයුම්වලදී මාර්ග බලපත්ර නොමැතිව ධාවනය කළ බස් රථ 12කට එරෙහිව නීති මගින් කටයුතු කර තිබේ.
එහිදී මහනුවර - ත්රිකුණාමලය හා මහනුවර - කදුරුවෙල මාර්ග දෙකෙහි බලපත්ර නොමැතිව ධාවනය කළ බස්රථ දෙකකට එක් බස් රථයකට රුපියල් ලක්ෂ 02 බැගින් දඩ මුදල් නියම කර තිබේ.
මීට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - කොළඹ අතර බලපත්ර නොමැතිව ධාවනය කළ බස් රථයකට රුපියල් 75,000ක දඩයක් නියම කර ඇත.
මෙම මාර්ගවලට අමතරව මහරගම - ගාල්ල, වැල්ලවත්ත - කන්කසන්තුරේ, මඩකලපුව - වැල්ලවත්ත, මඩකලපුව - කොළඹ, නුවරඑළිය - යාපනය යන මාර්ගවල බලපත්ර නොමැතිව බස් රථ ධාවනය කළ බස් හිමියන් 09 දෙනෙකුට එරෙහිව රුපියල් 15,000 සිට රුපියල් 50,000 දක්වා දඩ මුදල් නියම කර තිබේ.