බන්ධනාගාර රෝහලේ වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස වෛද්‍ය ඒ.ජේ.මල්වත්ත මහතා හෙට (26දා) දිනය තුළදී පත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (25දා) පොරොන්දු වූ බව බන්ධනාගාර වෛද්‍ය එකමුතුව සඳහන් කරයි.
මේ අනුව ඒ.ජේ.මල්වත්ත මහතා හෙට (26දා) වැඩ බාරගැනීමෙන් පසු දැනට ක්‍රියාත්මක සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවන බවද එම සංවිධාන නියොජිතයෝ සඳහන් කරයි.
බන්ධනාගාර රෝහලේ හා බන්ධනාගාර 06 ක ප්‍රතිකාර ඒකක 06 ක සේවය කරන වෛද්‍යවරුන් තිදෙනෙකු හැර, අනෙක් සියලුම වෛද්‍යවරුන් පසුගිය 15 වැනිදා සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරමින් තිබේ.
ඒ බන්ධනාගාරයේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස ඒ.ජේ.මල්වත්ත මහතා පත් කරන ලෙස ඉල්ලමිනි.