ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂක ධුර ලබාදීමට යෑමේදී හිත්රිදවීම් සිදුව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ඒ අනුව ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත විජේසේකර මහතා සහ මහජන එක්සත් පෙරමුණේ ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඒකාබද්ධ විපක්ෂයෙන් මේ වනවිට ඉවත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. වෙනත් පක්ෂයක අපේක්ෂක ධුර සම්බන්ධව බන්දුල ගුණවර්ධන මහතා සමග වචන හුවමාරුවක පැටලීමට මා හටද සිදු වූවා.
එම සිද්ධියෙන් පසුව බන්දුල ගුණවර්ධන මහතාගෙන් සමාව ගත් අතර මගේ ගුරුවරයාගෙන් සමාව ගැනීම මට ගැටලුවක් නොවෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂක ධුර නොලැබුණු බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජානතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මැතිවරණට ඉදිරිපත් වනු ඇති.” යැයිද පවසා සිටියේය.