පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවාදී ව්‍යවස්ථාවක් නොවන බැවින් රටට ජනතාවාදී නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී පැවැති ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තා විවාදයට එක්වෙමින් අද (31දා) පාර්ලිමේන්තුවේදී ඔහු මේබව පැවසීය.
නව ව්‍යවස්ථා සම්පාදන අතුරු කමිටු අතුරින් මුදල් කමිටුවේ සභාපතිත්වය බන්දුල ගුණවර්ධන මහතා විසින් හෙබවුවද, ඒ සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් පාර්ලිමේන්තුවට නොපැවසීම පිළිබඳ කනගාටුවන බවද ඒ මහතා කියා සිටියේය.
“රටක ජනතාවට ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ මානවවාදී ප්‍රශ්න විසඳාගැනීම පහසු කරගන්නයි. ප්රජාතන්ත්රවාදී ලියවිල්ලක් හැටියටයි ව්‍යවස්ථාවක් තිබිය යුත්තේ. මේ තිබෙන ව්‍යවස්ථාව හොඳ නම් අපට මෙවැනි ලෙස සාකච්ඡාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාව තිබුණු ව්‍යවස්ථාවෙන් වද වේදනාවට ලක්වූ නිසයි නව ව්යවස්ථාවක්අවශ්ය වෙන්නේ. එම ව්‍යවස්ථාව නිසා තමයි තිස් අවුරුදු යුද්ධයක් ඇති වුණේ.
මෙම ව්‍යවස්ථාව ජනතාවාදී ව්‍යවස්ථාවක් නොවෙයි. එමනිසයි තමයි නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව අපට හා ජනතාවට ඇතිවෙලා තිබෙන්නේ. අද මේ සාකච්ඡා වෙන්නේ අතුරු වාර්තාවක් පිළිබඳවයි. අතුරු වාර්තාවක් නිසා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියා කියනවා. ජාතිවාදී මානසිකත්වයන් කුලප්පු කරලා සමහරු බලයට එන්න උත්සාහ කරනවා. මේ වාර්තාව පිළිබඳ එකඟ නොවන කරුණු අපටත් තිබෙනවා. නමුත් ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාව ජාතිවාදයත් එක්ක පටළවාගත්තොත් අනාගතයට දෙන්නේ නරක පණිවුඩයක්.
බන්දුල ගුණවර්ධන මහතා මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස සිටියත් මේ වාර්තාව ගැන කතා කරද්දි ඒ කමිටුවෙන් සිදුවූ දේවල් පිළිබඳ විවාදයේදී කතා කළේ නැහැ. එතුමාට ඒකාබද්ධ විපක්ෂයෙන් කතා කරන්න ඉඩක් ලබාදුන්නේ නැහැ. ඔවුන්ගේ භාෂාවෙන්ම කියනවා නම් බන්දුල ගුණවර්ධන මහත්තයා එතුමාට බෝම්බයක් ගහගත්තා වගෙයි" යැයි කියා සිටියේය.