බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට හා බණ්ඩාරවෙල නගර සභාවට තරග නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇති වූ ගැටලු මුල් කරගනිමින් එම ප්‍රදේශවල ජනතාව එක්ව පිහිටුවා ගනු ලැබූ ස්වාධීන කණ්ඩායම් දෙකක් මෙම ආයතනවලට තරග කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
මේ නිසා ඉදිරිපත් වී සිටින ස්වාධීන කණ්ඩායමට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් මේ නිසා එම ආයතන දෙකට තරග නොකරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.