මාරාන්තික ඉබෝලා වෛරසය ශ්රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීමේ පියවරක් ලෙස එම වෛරසය ප්රබලව දැකිය හැකි ලයිබීරියාව, සියෙරාලියෝන්, ගිනියාව සහ නයිජීරියා යන බටහිර අප්රිකානු රටවල වැසියන්ට ගුවන් තොටුපොළෙන් වීසා ලබාගැනීමෙන් (On Arrival වීසා) ශ්රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදීමට රජය තීරණය කර තිබේ.