ආගමන විගමන නීති උල්ලංගණය කරමින් මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට ගැනුනු බංග්ලාදේශ ජාතිකයෙකු තෙල්දෙණිය වැඩබලන මහේස්ත්රාත් ශිරෝමි ප්රබෝධිකා නියාගම මහත්මිය ලබාදුන් නියෝගයකට අනුව ලබන මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
තෙල්දෙණිය පන්විල ප්රදේශයේදී නිවසක සිටියදි සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙනතිබේ. දින 30 සංචාරක වීසා මත මෙරටට පැමිණි සැකකරු මාස දෙකක් පමණ තිස්සේ ශ්රී ලංකාවේ රැඳී සිට ඇති බවට අනාවරණ වී ඇත.