බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතු බව විදේශ රැකියා හා අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පවසා සිටියේ, ඉඩම් හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන වෙනුවෙන් ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඊයේ (01දා) පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
“අපේ ස්වාමීන් වහන්සේලාටත් අපහාස වෙන විදියට සමහර අය මේ සිවුර දාගෙන පහත් වැඩ කරනවා. අපි මැතිවරණය ඉලක්ක කරගෙන නෙවෙයි මෙතැන ඉන්නේ. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජාති, ආගම්, කුල භේදයක් නැහැ''යැයි පැවසුවාය.
ජලිත යහරුවන්