ඕනෑම දෙයකට ඔරොත්තු දෙන මානසිකත්වයකින් හෙබි දරුවන් බිහිකිරීමේ වගකීමක් පවතින අධ්‍යාපන ක්‍රමයක් නැති බවත්, දරුවන්ගේ පෞරුෂත්වය වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සඳහන් කළේය.
ඊයේ (30දා) ප්‍රතිඵල නිකුත්වූ සාමාන්‍ය පෙළ විභාගයෙන්ද දෙවැනිවරට ගණිතය අසමත් සිසුවියක් ගෙලවැලලාගෙන මියයාමේ සිද්ධියට අදාළ මානසික කරුණු පිළිබඳව 'අද' පුවත්පතට ප්‍රකාශයක් කරමිනි.
“මෙතනදි අපේඅධ්යාපන ක්‍රමය පිළිබඳ බලවත් ප්‍රශ්න කිරීමකට ලක්වෙනවා. එක පැත්තකින් අපි ඔවුන්ගේ උගත්කම බලාපොරොත්තුවුණාට ඔවුන් දැනුමෙන් සන්නද්ධ කර, සැබෑ බුද්ධිමතුන් ලෙස සමාජය ඉදිරියට යැවීමේ වගකීමක් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිදුවෙන්නේ නෑ. මේ අධ්‍යාපනයේ වගකීමක් තිබෙනවානම්, ඉතාමත්ම පෞරුෂත්වයෙන් වර්ධනය වූ, ඕනෑම දෙයකට ඔරොත්තුදෙන මානසික තත්ත්වයෙන් යුත් දරුවන් බිහිකිරීමේ හැකියාවක් මේ අධ්‍යාපනය තුළ තිබෙන්න ඕන.
නමුත් අද තිබෙන්නේ විශේෂයෙන්ම විභාග සහතික මත පමණක් දක්ෂතා තීරණය කරන්නාවූ අධ්‍යාපන ක්‍රමයක්. විභාග අධ්‍යාපන ක්‍රමයෙන් පරිබාහිර වූ ලෝකයේ දැවැන්ත නිර්මාණ කරපු පිරිස්වලට විභාග සහතික තිබුණෙ නෑ. අපේ ශ්‍රී ලංකාවේ පවා මාර්ටින් වික්‍රමසිංහ වගේ චරිතයක් ගත්තොත් ඔවුන්ට මහා ලොකු විභාග සහතික තිබුණෙ නෑ. නමුත් ඔවුන් මේ සමාජය වෙනස්කිරීමට දායක වුණා. සමාජය වෙනස්කිරීමට දායක වන ප්‍රබල බුද්ධිමතුන් බිහිකරන්නාවූ අධ්‍යාපන ක්‍රමයක් අපේ සමාජ ක්රමයේ නෑ. අද තිබෙන්නේ විභාග සහතික මත උගතුන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක්. දරුවන්ගේ පෞරුෂත්වය වර්ධනය කරන්නාවූ අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි* යනුවෙන් මහාචාර්යවරයා සඳහන් කළේය.