දුප්පත් මෙරට ළමයින්ට වැට බැඳ මුදල් ඇති අයට මාස 06න් වෛද්‍යවරයෙකු විය හැකි බවත්, මෙරට දුප්පත් අහිංසක ළමයින්ට එයින් අසාධාරණයක් වෙන බැවින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරටට නුසුදුසු බවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක හිමියෝ අද (24දා) පැවසූහ.
මහානායක හිමියන් මේ බව පැවසුවේ, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, උපසභාපති, ලේකම් ඇතුළු වෛද්‍යවරුන් පිරිස මහානායක හිමියන් බැහැ දැක රජය විසින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව හඬනගන ශිෂ්‍යයන් ඇතුළු පිරිස් වෙත එල්ල කරන බලවේගයන් පිළිබඳව මහානායක හිමියන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ මහානායක හිමියෝ,
“මේක ජනාධිපතිතුමා, රජය ඇයි තදින් අල්ලගෙන ඉන්නෙ. දැන් වෛද්‍යවරුන් බිහිවෙන්නෙ නැත්තම් ඒක මහා භයානකයි. හාල් පොල් කොහෙන් හරි ගන්න පුළුවන්. ඒත් වෛද්‍යවරුන් ඒ විදිහට ගන්න බැහැ.
පුළුවන් අය හෝටල් අරිනව වගේ වෛද්‍ය විද්‍යාල ඇරල හරියන්නෙ නැහැ. නිකමටවත් ඒ වගේ වෛද්‍යවරුන් හදාගන්න ක්‍රමයක් නැහැ. ඒවාට හැකියාවක් බුද්ධියක් කාර්යශූරකමක් තියෙන්න ඕන. සල්ලිවලටම ඒවා කර ගන්න ක්‍රමයක් නැහැ. මේ තුළින් සිදුවන්නේ අන්තිමට රටේ සංස්කෘතියත්, සභ්‍යත්වයත් ඉවර වෙන එකයි* යනුවෙන් පැවසූහ.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙන් අධ්යක්ෂ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක හිමියන්ගේ පෞද්ගලික ලේකම් හූරීකඩුවේ පඤ්ඤාසේකර හිමියන්, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ඒ.ආර්.කේ. අත්තනායක, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති මහනුවර දිස්ත්‍රික් සංවිධායක වෛද්‍ය හංසක විජේමුනි යන නිලධාරීහු සහභාගි වූහ.