ගාල්ල දිස්ත්‍රික්කය තුළ පෝෂණ අවදානමට ලක්වු දරුවන් 3041 දෙනෙකු සිටින බව පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව පෝෂණ අවදානමට ලක්වූ ගර්භිණී මවුවරුන් සංඛ්‍යාව 455 දෙනෙකු වන අතර මෙම අවදානමට ලක්වූ පූර්ව ගර්භිණී මවුවරුන් සංඛ්‍යාව 09 කි.
මේ වන විට මෙම අවදානමට ලක්ව ඇති බවට හඳුනාගෙන ඇති මුළු අවදානම් ගෘහ ඒකක සංඛ්‍යාව 11502කි. එමෙන්ම දත්ත පද්ධතියට ඇතුලත් කොට ඇති ප්‍රශ්නාවලි සංඛ්‍යාව 3447ක් බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.