විසල් නගරයක් ලෙස (Metro City) පොළොන්නරුව නගරය සංවර්ධනය කිරීමට රජය තිරණය කර තිබේ. මේ සඳහා රුපියල් මිලියන 16,650 ක මුදලක් ඇස්තමේන්තු ගතකර තිබේ. දිනකට පොළොන්නරුව නගරයට 80,000 වඩා ජනතාවක් පැමිණෙන බවත්, රථවාහන තදබදය, පාරිසරික ගැටලු රථවාහන නවතා තැබීමේ ගැටලුව ආදිය විසඳීම පිණිස මෙම තීරණයට එළැඹ තිබේ.
පොළොන්නරුව, කදුරුවෙල, පරිපාලන නගරය යන නගර ආශ්රිතව මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට තීරණය කර තිබේ.