පොලොන්නරුවේ ගැටුමකින් තිදෙනෙක් රෝහලේ
- 10 08 2015
- 21:22
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
පොලොන්නරුව කදුරුවෙල නගරයේ අද(10දා) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ රැලියේදී ඇති වුවා යයි කියන ගැටුමක් හේතුවෙන් තුවාල ලබා තිදෙනෙකු පොලොන්නරුව මහා රෝහලට ඇතුලත් කොට ඇත.
එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙසේ තුවාල ලබා පොලොන්නරුව මහා රෝහට ඇතුලත් කොට තිබේ,
20 සහ 3 වාට්ටුවල මොවුන් ප්රතිකාර ලබන බවත් ඔවුන්ගේ තත්වය එතරම් බර පතල තත්වයේ නොමැති සුළු තුවාල කරුවන් බව පොලොන්නරුව මහා රෝහලේ ප්රකාශකයෙකු අප කල විමසුමකදී පැවසීය.
පොලොන්නරුව කදුරුවෙල පැවති ජන රැලියේදී එක්සත් ජාතික පක්ෂයේ ප්රධාන පෙලේ අපේක්ෂකයෙකුට හූ කීමට ගොස් මෙම ගැටුම ඇති වී තිබෙන බවත් පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනාගේ අදාර කරුවන් අතර වූ ගැටුම පොලිසීයේ මැදිහත් වීම මත වලකාගෙන ඇතැයි පැවසේ.
එක්සත් ජාතික පක්ෂ නායක ,අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මෙම ජන රැලිය සංවිධානය කොට තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

