පොලිස් රාජකාරියෙන් ඔබ්බට යමින් ප්‍රජා පොලිස් සේවාවේ නිරත වීම හේතුවෙන් පසුගිය වසරේදී පොලිස් නිලධාරීන් විසින් තිස්අටකෝටි හතළිස් දෙලක්ෂයකට ආසන්න මුදල් වටිනාකමකින් යුත් ප්‍රජා සේවා සිදුකර ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
පොලිස් ස්ථාන 472ක් මූලික කර ගනිමින් පසුගිය වසරේදී මාසයක කාලයක් ප්‍රජා ජංගම පොලිස් සේවාව ක්‍රියාත්මක කළ බවත්, එහිදී කරුණු 06ක් මූලික කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බවත් හෙතෙම පවසා සිටියේය.
අධ්‍යාපන, සෞඛ්‍ය, ශ්‍රමදාන, ආගමික, සංස්කෘතික හා ක්‍රීඩා යන විෂයන් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බවත්, ශ්‍රමදාන සිදුකිරීමෙන් තිස් අට කෝටි හතළිස් දෙලක්ෂයකට ආසන්න මුදල් වටිනාකමකින් යුත් ශ්‍රමදාන සිදුකර තිබෙන බවත් පොලිස්පතිවරයා අද (02දා) පැවැති උත්සවයකදී සඳහන් කළේය.