මීටියාගොඩ බටපොළ ඇතැම් ගම්වැසියන් තමන්ට සිදු වන අසාධාරණයන් පත්තර වල අකුරු කපා අමුණා පොලිසියට තොරතුරු ලබා දීමට කටයුතු කිරීමෙන් ඒ ගැන පොලිසිය කි්රයාත්මක වෙමින් මෙහෙයුම් කරන බව පොලිසිය කියයි.
ප්රදේශයේ මැර කණ්ඩායම් පිළිබඳව අත්අකුරින් ලියා හෝ වෙනත් ක්රම උපයෝගී කරගෙන තොරතුරු සැපයීමට ඇති බිය නිසා අකුරු එකතු කරගෙන අමුණා පොලිසියට තොරතුරු දී ඇති ලිපියක් අපට හමුවිය.
පොලිසිය පවසන්නේ මැරයන්ගේ තරම ගැමියන්ගේ බිය මෙමඟින් මනාව පිළිබිඹු වන බවත් ඔවුන් බේරා ගැනීම සඳහා මීටියාගොඩ පොලිස් බල ප්රදේශයේ මේ දින වල නීති විරෝධී මත්පැන් වැටළීම් හා මැර කණ්ඩායම් සෙවීමේ සාර්ථක මෙහෙයුම් සිදු කිරීමට පොලිසිය පියවර ගෙන ඇතැ බවත්ය.
එම කටයුතු වල යෙදී සිටින පොලිස් නිලධාරීන් දිරිමත් වන අයුරින් ප්රදේශයේ ජනතාව බැනර් පෝස්ටර් ප්රදර්ශනය කරමින් ඒ සඳහා සහාය පල කිරීමට කටයුතු කර ඇති අයුරු එහිදී දක්නට ලැබුණි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
ඇත්කඳුරේ ජනත්ද සිල්වා