කල්පිටිය බත්තලංගුන්ඩුව පොලිස් මුර පොළේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඊයේ (15දා) රාත්රියේ දූපතේ ධීවරයෙකු විසින් තියුණු ආයුධයකින් එල්ල කළ ප්රහාරකින් බරපතළ තුවාල ලැබූ එක් පොලිස් නිලධාරියෙකු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා ඇත.
මෙම ප්රහාරයෙන් තුවාල ලැබූ අනෙක් පොලිස් නිලධාරියා කල්පිටිය රෝහලේ ප්රතිකාර ලබයි.
විශේෂ රාජකාරි සඳහා බත්තලංගුන්ඩුව පොලිස් මුරපළට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල් දිසානායක (30) මෙසේ බරපතළ තුවාල ලබා ඇත.
පවුල් ආරවුලක් විසඳීමට එම නිලධාරීන් බත්තලංගුන්ඩුව ප්රදේශයේ නිවසකට ගිය අවස්ථාවේ මෙම ප්රහාරයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.