ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස පී.එච්. මනතුංග මහතා පත්කර තිබේ. ඒ මහතා අද (18දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. පී.එච්. මනතුංග මහතා ජාතික පොලිස් කොමිසමේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙයි.