පොලිස්පති යාපනයේදී අවම බලය භාවිත කරන හැටි කියයි
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (31) හදිසියේම යාපනයේ සංචාරයක නිරත වී ඇති අතර, එහිදී ඊයේ (30දා) යතුරුපැදි කල්ලියකින් පහරකා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා බැලීමට යාපනය ශික්ෂණ රෝහලටද ගොස් ඇත.
යාපනය කෝපායි කොකුවිල් මාර්ගයේ නන්දුවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී යතුරුපැදි කල්ලියක පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා බැලීමට පොලිස්පතිවරයාමෙලෙසයාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇත.
එහිදී පොලිස්පතිවරයා විසින් පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් තොරතුරු විමසීමෙන් පසුව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගතයුතු බවටත්, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම්ද යොදවන ලෙසටත්ය.
අනතුරුව පොලිස්පතිවරයා යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් හමු වී වසර ගණනාවක් යුද මානසිකත්වයක් පැවැති පරිසරයක රාජකාරි කිරීමේදී ප්‍රවේශම් වන ලෙසඔවුන්ව දැනුවත් කොට තිබේ. එහිදී අවම බලය පාවිච්චි කරන ආකාරය පිළිබඳවද පොලිස්පතිවරයාවිසින් යාපනයේ පොලිස් නිලධාරීන් දැනුවත් කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

