පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විදේශ ගත වීම හේතුවෙන් වැඩ බලන පොලිස්පති (පරිපාලන) ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කළ බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.
ආසියානු කළපීය පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට එක්වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (17දා) නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගිය හෙයින් වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස පත්කොට ඇත.