උමා ඔය ව්‍යාපෘතිය නිසා නිවාස හා දේපොළ අහිමි වූ ජනතාවට වහාම වන්දි මුදල් ලබාදෙන ලෙස ඉල්ලා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙන අතර, මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ජනතාවට සහන සැලසීමට බලධාරීන් ලබාදුන් පොරොන්දු සියල්ලම මේ වනවිට පුස්සක් වී තිබෙන බවය.
පසුගිය 15 වැනිදා වනවිට නිවාස අහිමි ජනතාවගෙන් 100 දෙනෙකුට නිවාස ලබාදෙන බවට පොරොන්දු ලබාදී තිබූ බවත්, එහෙත් එම පොරොන්දු මේ වනවිට කඩකර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.