ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට ලංකා කම්කරු එක්සත් පෙරමුණ ගත් තීරණයත් සමග එම පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සහ නාගරික මන්ත්‍රීවරයෙකු අද( 22දා) සන්ධානට එක්වූ බව සන්ධාන මාධ්‍ය ඒකකය පවසයි.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, මධ්‍යම පළාත් සභා එජාප මන්ත්‍රී එස්. සතාසිවම් මහතා ඊයේ (21දා) සන්ධානයේ සහායට එක්වීමෙන් පසු එජාපයෙන් නුවරඑළිය නගර සභාවට තරගකර ජයගත් ආර්. කේනිස් සහ අඹගමුව ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සාමාජිකයින් මෙසේ ආණ්ඩුවට එක්වු බව සන්ධාන මාධ්‍ය ඒකකය වැඩිදුරටත් කියයි.