ADA
www.ada.lk
2025 ජුලි මස 21 වන සඳුදා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා කුරුණෑගල, කෑගල්ල, හලාවත, වැලිසර වැනි දුරබැහැර පිහිටි රෝහල්වලට යෑමට සිදුවීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණපා ඇතැයි සඳහන් කරමින් අද (16දා) විරෝධතාවක් පැවැත්විණි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැති මෙම විරෝධතාවට එක්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සඳහන් කළේ, මහනුවර, පේරාදෙණිය, සිරිමාවෝ යන රෝහල්වල සායනික පුහුණු ලබාදිය හැකිව තිබියදී මෙසේ දුරබැහැර ප්‍රදේශවලට සිසුන් පිටත්කර හරින බවයි.
මේ හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා වෙන්කළ හැකි කාලය මහමග බස්රථවලට වැයවන බවත්, විකිරණ චිකිත්සක පාඨමාලා සායනික ගැටලු අතහැර දමා තිබෙන අතර, සමහර සිසුන් කායික හා මානසික පීඩාවන්ට ලක්ව තිබෙන බවත් විරෝධතාකරුවෝ පවසා සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
දික්ඔය නගරාධිපතිගේ යෝජනාවට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විරෝධය
හොර පාරින් ගෙනාපු අධිබල යතුරු පැදි තලවිලින් අල්ලයි
කොදෙව් ප්‍රහාරකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
සහරාන්ගේ අක්කර 21ක ඉඩමක් වන අලින්ගේ වාස භූමියක් වෙලා
නවසීලන්ත කාන්තාවකට අතවර කළයි හිමි නමක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd