www.ada.lk
2026 මැයි මස 17 වන ඉරිදා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා කුරුණෑගල, කෑගල්ල, හලාවත, වැලිසර වැනි දුරබැහැර පිහිටි රෝහල්වලට යෑමට සිදුවීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණපා ඇතැයි සඳහන් කරමින් අද (16දා) විරෝධතාවක් පැවැත්විණි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැති මෙම විරෝධතාවට එක්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සඳහන් කළේ, මහනුවර, පේරාදෙණිය, සිරිමාවෝ යන රෝහල්වල සායනික පුහුණු ලබාදිය හැකිව තිබියදී මෙසේ දුරබැහැර ප්‍රදේශවලට සිසුන් පිටත්කර හරින බවයි.
මේ හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා වෙන්කළ හැකි කාලය මහමග බස්රථවලට වැයවන බවත්, විකිරණ චිකිත්සක පාඨමාලා සායනික ගැටලු අතහැර දමා තිබෙන අතර, සමහර සිසුන් කායික හා මානසික පීඩාවන්ට ලක්ව තිබෙන බවත් විරෝධතාකරුවෝ පවසා සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ලෝක වෙළදපොලේ ඉන්ධන මිල වැඩි වෙලා , ඩීසල් ලීටරය රු. 720
ඇමෙරිකාවෙන් තෙල් හා ජෙට් යානා මිලදී ගැනිමට චීනය එකඟ වෙයි
දස කෝටියක කොකේන් සමග ඉන්දිය විද්‍යාඥයෙක් අල්ලයි
අනුරාධපුර දැරියගේ සිදුවිම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම් දිමක්
ජල විදුලි බලාගාර ප්‍රදේශවලට තද වැසි
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැට උඩ නතර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd