පේරාදෙණියේ සිසු ගැටුමක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ ශිෂ්‍යයෙකු මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. නවක වදයට එරෙහි වූවායැයි පැවසෙන දෙවන වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවාට තෙවන වසරේ සිසුන් කණ්ඩායමක් පහරදීමක් සිදුකර ඇති බවත් පොලීසිය පවසයි.
මේ සිදුවීම ඇසින් දුටූ සිසුවියන් දෙදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ අද (18දා) පෙරවරු 10.30ත් 11.00 අතර මේ සිදුවීම සිදුවූ බවයි. අදාළ සිසුවා මහාධිකරණ විනිසුරුවරයෙකුගේ පුතෙකු බවද පැවසේ.
පහරදීමට අදාළ සිසුන් 8දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කටයුතු සිදු කරයි. මේ සිදුවීම සම්බන්ධව විශ්වවිද්‍යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ සිදුවීම සම්බන්ධව විශ්වවිද්‍යාලය මඟින්ද පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
