ආණ්ඩුව විසින් තෙල් සංස්ථාවේ සේවකයන්ට අත තබා තිබුණහොත් සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත වැඩ වර්ජනයක් සූදානම් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (26දා) පැවසීය.
ජනතාවගේ බලය දියවන්නාවේ පාර්ලිමේන්තුවට වඩා විශාල බැවින් අනිවාර්යෙන්ම ආණ්ඩුවට දන ගැසීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.
මරදාන සීඑස්ආර් ශාලාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවටද, හම්බන්තොට තෙල් ටැංකි චීනයට පවරාදුනහොත් ඇමෙරිකාව සහ චීනය අතර ඉදිරියේදී ඇතිවිය හැකි ලෝක යුද්ධයකට මෙරට ජනතාව මැදිවන බවයි.
මේ තත්ත්වය තුළ මිලියන 22ක් වන මෙරට ජනතාවගේ ජීවිත අවදානමක පවතින බවත්, තෙල් සංස්ථා සේවකයන් වැඩවර්ජනය කරනුයේ මෙම අනතුර දැකීම නිසා බවත් ඒ මහතා පවසා සිටියේය.