පුත්තලම නගර සභාවේ නගරාධිපති ධුරය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ කේ. ඒ. බායිස් මහතා අද ( 27 දා) දින සවස පුත්තලම මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ පැවති රහස් ජන්ද විමසිමේදි හිමිකර ගැනිමට සමත් විය.
රහස් ජන්ද විමසිමේදි මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කල කේ.ඒ . බායිස් මහතා ජන්ද 11 ක් හිමිකර ගනිද්දි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එම් .ඒ.එම් අලි සබ්රි මහතා ට හිමිව තිබුණේ ජන්ද 7 ක් පමණි. බායිස් මහතාට ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ( පොහොට්ටුව ) නියෝජනය කරනු නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක් මන්ත්‍රිවරයකුගේ සහ ස්වාධින කණ්ඩායම් නියෝජනය කළ එක් මන්ත්‍රි වරයකුගේ ද ඇතුළුව ජන්ද 11 ක හිමිව තිබුණි.