දේශපාලන පක්ෂ ලේකම්වරුන්, ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සාමාන්‍ය ජනතාව විසින් 2016 වසරේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණිලි 105ක් ලබාදී ඇතැයි එහි සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා අද (10දා) පැවසීය.
ඉන් 53ක් සම්බන්ධව විමර්ශනය කරගෙන යන බවත්, 10ක් සමථයකට පත්ව ඇති බවත්, කී ඒ මහතා පැමිණිල් 03ක් සඳහා නියෝග ලබාදුන් බවත්, 10ක් නිෂ්ප්‍රභ වූ බවත්, 29ක් සම්බන්යෙන් ඉදිරි කටයුතු නොකිරීමට තීරණය කර ඇති බවත් පවසා සිටියේය.
වසර 40ක් පුරාවට පුවත්පත් මණ්ඩලය මෙතක් දඬුවමක් හෝ වැරදි තීරණ ලබාදී නැති බවත්, අද දක්වා දේශපාලන ඇඟිලිගැසීම් සිදුව නැති බවත් සභාපතිවරයා මෙහිදී පවසා සිටියේය.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංශෝධන සිදුකරන බවයි.