පුනර්ජනනීය බලශක්තිය නිපදවීම ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා යන වියදමින් සැළකිය යුතු ඉතිරියක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. සුළං බලයෙන් හා සූර්ය බලයෙන් ජාතික විදුලි බල පද්ධතියට 2025 වන විට 20%ක විදුලි ධාරිතාවක් එක් කිරීමට කටයුතු කරන බව ඒ මහතා කර සිටියේ අද(26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ජාතික විදුලි බල පද්ධතියට මෙම ව්‍යාපෘතිය යටතේ 2025 වන විට මෙගා වොට් 1000ක විදුලි ධාරිතාවක් එක් කරන බවත් හෙතෙම පැවසීය. මෙහි පළමු අදියර සැප්තැම්බර් මස 6 වන දින ජනාධිපති මෛත්‍රීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත.