පුත්තලම් දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය මන්ත්රීවරු පිරිසක් ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.
මේ අනුව සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්රීවරුන් තිදෙනා හා වයඹ පළාත් සභාවට තේරී පත් වූ මන්ත්රීවරුන් 9 දෙනා අතරින් 5 දෙනෙකු හා වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ සියලුම හිටපු මන්ත්රීවරුන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ වටා එක් ව සිටිති.
මෙම සියලු දෙනා ඉදිරි මැතිවරණවලදී පොහොට්ටුව ලකුණින් තරග වැදීමට සූදානම් වෙමින් සිටින බව පොදුජන පෙරමුණේ වෙන්නප්පුව ප්රධාන ආසන සංවිධායක ට්රිවින් ප්රනාන්දු මහතා පැවසීය.
ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ ඉතා පහසුවෙන් ජයගැනීමට හැකියාව තම පක්ෂයට තිබෙන බව නයිනමඩම ප්රදේශයේ පොදුජන පෙරමුණේ ශාඛා සමිති පිහිටුවීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
නයිනමඩම චන්දන ප්රනාන්දු