අද (20දා) කුරුණෑගල ,කල්පිටිය,පුත්තලම ආණමඩුව පෞද්ගලික බස් සියල්ල උදෑසන සිට ධාවනයෙන් ඉවත් වී ඇති බව වාර්තාවේ.මීට හේතු වී ඇත්තේ පුත්තලම කල්පිටිය මාර්ගයේ ධාවනය වු පෞද්ගලික බස් වලට අමතරව පුත්තලම මාර්ගස්ථ ප්රවාහන අධිකාරීවරයාගේ යැයි කියන බස් රියක් ධාවනයේ යෙදවීමය.එම බස් රිය ඉවත් කරන තුරු වර්ජනය අත් නොහරින බව බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් පවසයි.