සති ගාණක් පුරා පවතින මහ වැසි හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 8000 ආසන්න පිරිසක් පීඩාවට පත්ව තවත් පවුල් 1400ට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
ඉගිනිමිටිය සහ තබ්බෝව ජලාශ වල සියලුම වාන් දොරටු විවෘත කිරීමත් සමග පහළ මිටියාවතේ ගම්මාන 100ට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති අතර, ඇතැම් ප්‍රදේශ වල ජල මට්ටම අඩි හතරේ සිට අඩි අට දක්වා ඉහළ ගොස් තිබුණු ආකාරය දැක ගත හැකි විය.
පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මනතිව්, සේවන්තිව්, ආනකුත්තු, කුරුසඩි, මුන්ගිල්ආරු, වෙඩතමුණේ යන ප්‍රදේශ ජලයෙන් යටවිය.