පුත්තලම මී ඔය ප්රදේශයේ නීති විරෝධි වැලි කැණීම් හා ප්රවාහනය කිරීමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ හදිසි වැටලීමකදී පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයක් නැවැත්වීමට ගත් උත්සාහයේදී ලොරි රථයට යට වී විශේෂ කාර්ය බලකා සෙබළෙක් තුවාල ලැබා ඇත.
මේ අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින් ලොරි රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ බවත්පුත්තලම පොලීසිය පවසයි.
පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත අද අලුයම 02ට පමණ මෙම වැටලීම සිදුකර තිබේ. මෙහිදී තුවාල ලැබූ ලොරි රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා හා නිලධාරියා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කැලුම් විශ්වනාත්