පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ කිසිදු දේශපාලන පක්ෂයකට, භාවිත වූ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 40 කට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබුණ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට අද (26දා) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී එක්වෙමින් ජනපතිවරයා මේ බව පවසා සිටියේය.
මෙම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් වූවා නම් කිසිදු දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමේ බලය හිමිකර ගැනීමට අවකාශ නොමැති බව වාර්තා මගින් පෙන්වා දෙන බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව සංසන්දනය කිරීමේදී ද වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව ද පැවසීය.
පක්ෂ වශයෙන් බෙදී මැතිවරණවලට ඉදිරිපත් වුව ද, ජයග්රහණයෙන් පසුව මහජන සේවාව ඉටු කළ යුත්තේ දේශපාලන පක්ෂ භේදයෙන් තොරව බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.