දිවයිනට ඊසාන දෙසින් කි.මී. 1,400 ක් පමණ දුරින්මධ්යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක් වර්ධනය වී ඇති හෙයින් ශ්‍රී ලංකාවේනිරිතදිග ප්‍රදේශවලට (විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලට) සහ උතුරු පළාතට(මි.මී 100-150 පමණ) තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද (පැ.කි.මී. 50-60 පමණ) සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වෙයි.
උතුර, බස්නාහිර, මධ්‍යම, සබරගමුවසහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්,සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එහි දැක්වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.