මොරටුව, රත්මලාන ප්‍රදේශයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා රුපියල් ලක්ෂ 90කට තවත් පුද්ගලයෙකුට විකුණූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණ පැමිණිල්ලක් අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වූ කාන්තාව 34 වැනි වියේ පසුවන බවත් ඇය අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.