වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමතිවරුන්ට යොමු කර තිබූ ප්‍රශ්න සඳහා ප්‍රමාණවත් පරිදි පිළිතුරු නොලැබෙන බැවින් එම කරුණ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා කථානායකවරයාගේ අවධානයට යොමු කළේය.
අද (25දා) දිනයේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමතිවරුන් වෙත ප්‍රශ්න 14 ක් යොමුකර තිබුණු අතර, ඇමතිවරුන් නොපැමිණි බැවින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ඉදිරිපත් විය. නමුත් එම ප්‍රශ්නවලට සති දෙකක කාලයක් බැගින් තවත් කාලය අවශ්‍ය බව කිරිඇල්ල මහතා මෙහිදී වරින් වර සඳහන් කළේය.