පිටකොටුව රතු පල්ලිය අසල පිහිටි වෙළෙඳ සැලක ඉහළ මාලයේ අද (31දා) සවස 6.00 ට පමණ ඇති වූ ගින්නෙන් කිසිවෙකුටත් හානියක් වී නැතැයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි.
සිද්ධිය සැලවූ සැණින් ගිනි නිවන ඒකකයේ රථ හතරක් යෙදවූ බවත් සවස 6.35 පමණ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඬපැවැත්වීමට හැකි වූ බවත් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.මෙම ගින්න හේතුවෙන් ඒ ආසන්නව තිබූ සන්නිවේදන මධ්‍යස්ථානයක් හා සැලුනයක් ගින්නෙන් විනාශ වී තිබේ.
වෙළෙඳසැල පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පුද්ගලයෙකු නවාතැන් ගෙන සිටි කාමරයක මෙම ගින්න හටගෙන තිබූ බව පැවසූ එම නිලධාරියා ගින්නට හේතුව පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරන බවද පවසා සිටියේය.