පැෆරල් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් සියලු ගැටලු මේ මස 17 වැනිදා වනවිට අවසන් විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් විෂය භාර අමාත්‍යවරයාට සහ කමිටු සාමාජිකයන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.
අදාළ වාර්තාව මේ මස 17 වැනිදා විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට බාරදෙන බව සීමා නිර්ණය කමිටුව සඳහන් කර ඇතැයිද එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
අදාළ වාර්තාවට එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා අත්සන් නොකිරීම නිසා එය බාරගැනීම අමාත්‍යවරයා විසින් මේ වනවිට ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, එහෙත් කමිටු සාමාජිකයන් හතර දෙනෙකු අත්සන් කර තිබෙන නිසා අමාත්‍යවරයාට කමිටු වාර්තාව බාරගත හැකි බවත් ඔහු පවසා සිටියේය.
කමිටුවේ සිටින සාමාජිකයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂ සාමාජිකයාට වාර්තාවට අත්සන් නොකර සිටිය නොහැකි බවත්, එසේ නොමැති නම් අත්සන් නොකිරීමට හේතුව රටට හෙළි කළ යුතු බවත් විධායක අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මේ නිසා මේ මස 17 වැනිදා අදාළ ගැටලු විසඳා කමිටු වාර්තාවේ නීත්‍යනුකූල තත්ත්වය අවසන් විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
