පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ වැඩිම මද්‍යසාර (spirit) නිෂ්පාදනය 2016 වර්ෂයේදී ලැබී ඇතැයි ලංකා සීනි සමාගමේ පැල්වත්ත ස්කාගාරයේ උසස් නිලධාරියෙක් පැවසිය.
2016 වර්ෂයේදී මද්‍යසාර ලීටර් 7,574,000 ක් නිෂ්පාදනය කර තිබේ. මද්‍යසාර ලීටරයක් රුපියල් 465 ක්වූ, අවම මිලකට අලෙවි කරන බවත්, ඒ අනුව රුපියල් කෝටි 352.19ක් පමණ ආදායමක් ලැබුණ බවත් එම නිලධාරියා පැවසීය.
1983 පැල්වත්ත සීනි සමාගම ආරම්භ කිරීමෙන් පසු වැඩිම මද්‍යසාර නිෂ්පාදනය වාර්තාවී ඇත්තේ 2016 වර්ෂයේදී බව හෙතෙම පෙන්වා දුන්නේය.
මොනරාගල - සුමනසිරි ගුණතිලක