පාකිකුඩා වෙරළ තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බව කල්කුඩා පොලීසිය පවසයි.
ඊයේ (29දා) සවස 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මරණකරු වයස අවුරුදු 46ක් වන හතුගොඩ, ගම්පොළ ප්රදේශයේ පදිංචි හේවාදුරගෙදර ශාන්ත හේවා යන අය බව හඳුනාගෙන තිබේ.
මෘත ශරීරය වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (30දා) සිදුකිරීමට නියමිත බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන කල්කුඩා පොලීසිය පවසයි.