බස්නාහිර පළාතේ හා වයඹ පළාතේ පාසල් 6 ක මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 6 ක් සිසු අයිතියට පත් කිරීමේ උත්සව අද (19දා) පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කොට ඇති බවත් පාසල් නිවාඩු කාලයේ මෙම විද්‍යාගාර සිසු අයිතියට පත් කරන්නේ ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට දේශපාලන වාසි ලබා ගැනීමට බවත් ලංකා ගුරු සංගමය කියයි.
මෙය මැතිවරණ නීති උල්ලංඝණය කරීමක් බවත් අධ්‍යාපන පද්ධතිය හරහා දේශපාලන වාසි ලබා ගැනීමට දරණ උත්සාහයක් බවත පෙන්වා දෙන ලංකා ගුරු ඒ පිළිබඳ අවධානය යොමු කර විවෘත කිරීමේ උත්සව නැවැත්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත් සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.