මෙරට පාසල් ශිෂ්‍යයන් අතරින් 45000-50000 අතර ප්‍රමාණයක් දුම්පානයට යොමු වී තිබෙන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. දුම්කොළ බදු හා මිල නියම කිරීමේ නියෝග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"2011 වසරේ සිට 2015 වසර දක්වා ලංකාව පුරා වයස අවුරුදු 15 සහ 17 අතර පාසල් දරුවන් යොදා ගෙන කරපු සමීක්ෂණයකින් හෙළිදරව් වුණා මේ රටේ පාසල් ශිෂ්‍යයන් 45000-50000 අතර ප්‍රමාණයක් දුම්පානයට යොමු වී තිබෙන බව. දුම්වැටි භාවිතය තව තවත් අධෛර්යට පත් කරන්න විශේෂිත බදු සූත්‍රයක් අපි රජයට යෝජනා කර තිබෙනවා. අහිංසක ජීවිත බේරගන්න කරගෙන යන මේ වැඩ පිළිවෙළවල් කිසිදු ආකාරයකින් යටපත් වෙන්න දෙන්නේ නැහැ." යැයි පවසා සිටියේය.