පාසල් නිවාඩු සමය මූලික කර ගනිමින් අගෝස්තු 08 වැනි දින සිට ගල්කිස්ස, යාපනය, කන්කසන්තුරේ දක්වා සහ කොටුව බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවා ක්රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව ගල්කිස්ස කන්කසන්තුරේ දක්වා වායු සමනය කරන ලද නගරාන්තර දුම්රියට අමතරව මැදිරි එක්කර අගෝස්තු 08, 09, 10, 15, 16, 17, 22, 23, 24, 29, 30, 31 හා සැප්තැම්බර් 05, 06, 07 යන දිනවල විශේෂ දුම්රිය ක්රියාත්මක වේ.
උදේ 5.10ට ගල්කිස්සෙන් පිටත් වන දුම්රිය කන්කසන්තුරයට දහවල් 1.15 වනවිටත්, කොළඹ කොටුවෙන් උදේ 5.45ට යාපනය බලා ධාවනය වන දුම්රිය සවස් 1.45ට යාපනයට ළඟා වීමටත් නියමිතය.
යාපනයෙන් උදේ 11.51ට ගමන් ආරම්භ කරන දුම්රිය සවස 8.00ට කොටුව දුම්රිය දක්වාත් කන්කසන්තුරෙන් දහවල් 12.17ට ධාවනය වන දුම්රිය රාත්රී 8.30ට ගල්කිස්ස දුම්රිය ස්ථානයට පැමිණීමට නියමිතය.
මීට අමතරව කොළඹ හා බදුල්ල අතර ධාවනය වන විශේෂ දුම්රිය සේවාව අගෝස්තු 09, 11, 13, 15, 17, 19 21, 23, 25, 27, 29, 31 හා සැප්තැම්බර් 02, 04, 06, 08 යන දිනවල උදේ 7.03ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වී සවස 5.30ට බදුල්ලට ළඟා වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව බදුල්ලේ සිට කොටුව දක්වා අගෝස්තු 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28, 30 හා සැප්තැම්බර් 01, 03, 05, 07 යන දිනවල බදුල්ලෙන් උදේ 7.15ට ගමන් ආරම්භ වී කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සවස 6.12ට ළඟාවීමට නියමිතය.