පාසල් ගුරුවරියගේ සිරුරු දේවාල භූමියේ වළ දමලා - කපුවා අත්අඩංගුවට
මෙම මස 01 වැනිදා අතුරුදන් වූ බවට වාර්තා වූ පස්සර - ගෝනකැලේ ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි ගුරුවරියකගේ සිරුර පස්සර - මීදුම්පිටිය ප්රදේශයේ දේවාලයක් අසළ වලදමා තිබී හමුවී ඇති බව පොලීසිය පවසයි. පොලීසිය ප්රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් දේවාලය භාරයේ සිටි මීදුම්පිටිය ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ගුරුවරිය අතුරුදන් බව ඇගේ සැමියා විසින් පස්සර පොලීසියට පැමිණිලි කර තිබුණු අතර, ඒ අනුවයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කි්රයාත්මක කර තිබුණි. පසුව ඊයේ (12දා) මෙම දේවාලය අසල ඇගේ සිරුර වළ දමා ඇති බවට පොලීසියට ලැබුනු තොරතුරක් මත එය සොයාගෙන ඇති අතර, පස්සර මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර අද (13දා) දින මහේස්ත්රාත් පරීක්ෂණ සිදුකරන තෙක් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා අති බව කියයි.
එමෙන්ම, සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල පොලීසියේ ප්රතිකාර ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

