භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ සේවා ලබා ගැනීමේදී පාරිභෝගික ගැටලුවක් ඇතිවනවා නම් ඒ පිළිබඳව 1977 ට හෝ 0117-755481 හෝ 0117-755482 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව උත්සව සමය නිමිති කරගෙන දෙසැම්බර් පළමු දින සිට ජනවාරි 15 දක්වා කාලය තුළ දිවයිනේ පිහිටි තොග හා සිල්ලර අලෙවි සැල් සියල්ලම විශේෂ පරික්ෂාවකට ලක් කරන බවද එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
තවද භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී එහි මිල හා කල් ඉකුත්වීම, භාණ්ඩයේ ප්රමිතිය හා එය නියමිත ලෙස ඇසුරුම් කර තිබේද යන්න ගැන සැලකිලිමත් විය යුතු බවද හෙතෙම පවසා සිටියේය.