පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළදී වෙළෙඳ වැටලීම් 20,532ක් සිදුකර තිබේ.
මේ හරහා සිදුකළ දඩමුදල් පැනවීම යටතේ රුපියල් මිලියන 81ක මුදලක් රජයට අයකර දී ඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල මිල ලකුණු නොකිරීම, භාණ්ඩ මිල ප්රදර්ශනය නොකිරීම ඇතුළු පාරිභෝගික ජනතාව අපහසුතාවන්ට පත් කිරීමේ කටයුතු කිරීම වෙනුවෙන් මෙම දඩමුදල් අයකර ගෙන තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.