(UPDATE) පාකිස්තානයේ පේෂාවර් නුවර හමුදා පාලනයේ පවතින පාසලක් වෙත තලේබාන් සටන්කාමීන් එල්ල කළ ප්රහාරයක් හේතුවෙන් අඩුම තරමින් පුද්ගලයන් 126ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් බහුතරය පාසල් සිසුන් බවත් වාර්තා වෙයි.
හමුදා ඇඳුම් ඇඳගත් තලේබාන් සටන්කාමීන් පහක් හෝ හයක් පාසලට ඇතුළු වී ඇති බවත්, වෙඩි තැබීම් හා බෝම්බ ප්රහාර එල්ල කරමින් ඔවුන් මේ ම්ලේච්ඡ ක්රියාව සිදුකර ඇති බවත් විදෙස් පුවත් සේවා පවසයි.
හමුදාව පවසා සිටියේ පාසලේ සිටි තවත් සිසුන් 500ක් පමණ වහාම ඉවත් කිරීමට කටයුතු කළ බවයි. නමුත්, තවත් කොපමණ පිරිසක් ඔවුන් භාරයේ සිටින්නේ දැයි යන්න පැහැදිලි නොමැති බවත් වාර්තා වෙයි.