ගොඩකවෙල, බලවින්න ප්‍ර දේශයේදී ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (14දා) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇත.මියගිය පුද්ගලයා හා එම නිවසේ අවුරුදු 15ක් වන ගැහැණු ළමයෙකු සම ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර දෙමාපියන්ගේ අකමැත්ත අනුව ඇය එය නවත්වා තිබේ.
මේ සම්බන්ධයෙන් උරණ වූ මියගිය පුද්ගලයා තරුණියගේ නිවසට පැමිණ පිහියක් පෙන්වා මරණ තර්ජන කර ඇති අතර එහිදී ඇති වූ ආරවුලක් මත දියණියගේ පියා විසින් මෙම ඝාතනය සිදුකර තිබේ
මරණකරු අවුරුදු 21ක් වන බලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.